මාර්ගයට ඉහළින් දිවෙන උස් වූ ‌දුම්රිය පාලමක් තනා Webb Streetහි දුම්රිය හරස්මාර්ගය ඉවත් කිරීමට අපි කටයුතු කරමින් සිටින්නෙමු. භූ දර්ශනය කළ ගෘහ අංගනයක් සහිත වැඩිදියුණු කළ සහ නවීන පහසුකම්වලින් සමන්විත නව Narre Warren දුම්රිය ස්ථානයක්‌ ද අපි ගොඩනගන්නෙමු.

ප්‍රජාව වායුසමීකරණය කරන ලද නව රැඳී සිටීමේ කාමරයක් ද සහිත වැඩි ආසන ගණනක් හා ආවරණ ප්‍රදේශයන් භුක්ති විඳිනු ඇත. බිම් මට්ටමමෙන් උස් කෙරුණු දුම්රිය වේදිකාවලට විදුලි සෝපානවලින් හා පඩිපෙල්වලින් ප්‍රවේශ වීමට හැකි වනු ඇත. දුම්රියපොළ තුළ නව වැසිකිලි පහසුකම්, යාවත්කාලීන කරන ලද ප්‍රවේශපත් කවුලුවක් හා කුඩා කඩයක් ද ඇතුළත් වනු ඇත.

මෙම හරස් මාර්ගය ඉවත් කිරීම මගින් ආරක්ෂාව වැඩිදියුණු කිරීම, තදබදය අඩු කිරීම මෙන් ම වැඩි දුම්රිය සංඛ්‍යාවකට වඩාත් නිරන්තරයෙන් ගමනාගමනය කිරීමට ඉඩ සැලසේ.

මෙමගින් හරස් මාර්ගවලින් තොර Pakenham දුම්රිය මාර්ගයක් නිර්මාණය කරන අතර එමගින් වේගවත් ගමනාගමනය හා ආරක්ෂිත මාර්ග සකසමින් ප්‍රදේශවාසීන් ජීවත්වන, රැකියා කරන හා සංචාරය කරන ආකාරය වෙනස් කරනු ඇත.

Webb Street හි සුවිසල් ඉදිකිරීම් කටයුතුවලට සූදානම් වීම සඳහා කලින් සිදු කෙරෙන කටයුතු ඉක්මනින් ඇරඹෙනු ඇත. කලින් සිදු කෙරෙන කටයුතුවලට වැටවල් සවි කිරීම, ක්ෂේත්‍ර කාර්යාල හා සේවකයන් සඳහා පහසුකම් සැකසීම මෙන් ම උපයෝගිතා හා සේවාවන් ප්‍රතිස්ථාන ගත කිරීම ද ඇතුළත් වේ.

මෙම වසරේ අගභාගය වන විට ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත වන අතර 2025 වන විට දුම්රිය හරස්මාර්ගය ඉවත් කරනු ලැබේ.

මෙ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ නිරන්තර තොරතුරු සඳහා ඊමේල්ඔස්සේයාවත්කාලීනකිරීම්ලබාගැනීමටලියාපදිංචිවන්න.

අපගේ කෙටි පණිවුඩ මගින් ඇඟවීම් ලබාදෙන පද්ධතියට ලියාපදිංචි වීමෙන් ඔබට වැදගත් යාවත්කාලීන තොරතුරු ඍජුව ම ‌ඔබේ ජංගම දුරකථනයට ලබා ගත හැකිය. WEBB 0427 840 967 වෙත කෙටි පණිවුඩයක් යොමු කරන්න.

Webb Street Project map – Sinhalese

Return to the Webb Street project page.